My thoughts

මගේ සිතුවිලි
අලසයාගේ දවස කෙටිය
ඔහු පමා වී අවදිවි කලින්ම නින්දට යයි
ඵ් නිසා ඔහුට බොහෝදේ කිරීමට
වෙලාව නැත.
ක්‍රියාශීලි පුද්ගලයාගේ දවස දිගය
ඔහු කලින් අවදිවී පමාවී නින්දට යයි
ඔහුට බොහෝ දේ කිරීමට කාලය
උපයාගත හැකිය
            සිඩ්නි මාකස් ඩයස්
         

මගේ සිතුවිලි 2
මිනිසුන් විනාශකිරීමට
ලෝකය මෙතෙක් සොයාගෙන ඇති
බිහිසුණුම ආයුදය සහාසික වචන ය.
සියළු තාක්ෂනික ආයුද වලට වඩා
සහාසික වචන වේදනාකාරියලවිනාශකාරීය
           සිඩ්නි මාකස් ඩයස්


මගේ සිතුවිලි 3
ලෝකයේ තිබෙන විශිෂ්ඨම
ධර්මයන් සහ ඉගැන්වීම්
මා වටා රොක් වූවත්
මට මගේ සිතුවිලි සහ ක්‍රියාවන්ආවර්ජනය කර
විනිශ්චයකට ලක් කර ගත නොහැකි නම්
ඒ සියළු ධර්මයන් මා ඉදිරියේ නිෂ්ඵලය.
            සිඩ්නි මාකස් ඩයස්


මගේ සිතුවිලි 4
කෘතවේදීබව ශක්ති විභවයකි.
මිනිස්සුන්ට තම කාර්යයන්
වඩා උද්යෝගිමත්ව සිදුකිරීම සදහා
කෘතවේදීත්වය ඵලවීම තුළින් කෙරෙන්නේ
බලවත් පෙළඹවීමකි,
ඵ් නිසා සමාජ ප්‍රවර්ධන කාරයයේදී 
කෘතව්දීත්වය දියුණු කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවකි.  
           සිඩ්නි මාකස් ඩයස්


මගේ සිතුවිලි 5
බොහෝ ශ්‍රේෂ්ඨ කලාවන් බිහිවී ඇති ලෝකය තුළ
කන් මොට වූ විට බිහිරි වූවාට වඩා වැඩි වෙනසක් නැත.
ඇස් මොට වූ විට අන්ධ වූවාට වඩා වැඩි වෙනසක් නැත.
            සිඩ්නි මාකස් ඩයස්

මගේ සිතුවිලි 6
නිහතමානිකම නිවටකමක් නොවේ.
එය එසේ තේරුම් ගන්නා මුග්ධයෙකි.
           සිඩ්නි මාකස් ඩයස්

මගේ සිතුවිලි 7
අවශ්‍ය ප්‍රමාණයට වඩා සම්පත් බහුලවීම යනු
අවශ්‍ය ප්‍රමාණයට වඩා සම්පත් නාස්ති වීමකි.
           සිඩ්නි මාකස් ඩයස්



මගේ සිතුවිලි 8
කපටි මිනිස්සු අන් අය තමන්ගෙන්
උදව්වක් ඉල්ලීම වැලැක්වීම සදහා
කල්තියාම බුම්මාගත් මුහුණින් යුතුව
කල් ගෙවති.
ඔවුන් තමන්ට අනුන්ගෙන් උදව්වක් ඕනෑ වූ විට
කල්තියාම ඉච්චාබස් දොඩමින් කුළුපගවෙමින්
මිත්‍රශීලිබව ප්‍රදර්ශනය කරති.
           සිඩ්නි මාකස් ඩයස්

මගේ සිතුවිලි 9
රසඥතාව මොටකිරීම යනු
ප්‍රඥාවේ දොරටු වසා දැමීමකි.
           සිඩ්නි මාකස් ඩයස්

මගේ සිතුවිලි 10
සමාජය තුළ යහපත් දේ කිරීමේදී
වැඩිපුරම බාධා එල්ලවන්නේ
යහපත් මිනිසුන් ලෙස
 පෙනී සිටින මිනිසුන්ගෙනි
           සිඩ්නි මාකස් ඩයස්

මගේ සිතුවිලි 11
බොහෝ අයට හරස් වන්නේ
තමන් තමන්ටම පණවා ගත්
බාධක .
ඒවා ඉවත් කරගත යුත්තේ තමන්මය.
අන් අයට ඒවා ඉවත් කර දිය නොහැකිය.
           සිඩ්නි මාකස් ඩයස්

මගේ සිතුවිලි 12
සමාජයක වෙසෙන මිනිසකුට විදින්නට සිදුවන
ඉතා අමිහිරිම සහ වේදනාකාරි අත්දැකීම නම්
අකෘතඥභාවය යි.
            සිඩ්නි මාකස් ඩයස්

Comments

Popular Posts